මා යළි නාවොත් පුතුට කියන්න

මා යළි නාවොත් පුතුට කියන්න..
-----------------------------------------------------------------

සටන් නිම වී දිනුම අරගෙන
රට ම ජය කෙළි නංවාවි
විරු පිළිම තනවා මල් වලින් සරසා
අභිමානෙන් පුද දේවි
මා යළි නාවොත් ඔහුට කියන්න
යුද්ධයෙහි වීරත්වයක් හෝ අභිමානයක් නොමැති බව
ජයක් ලැබුවත් මනුෂ්‍යත්වය පරාද වූ බව
ඔහු වැනි ම දස දහස් ගණනින් දරුවන්ගේ
නෙත් කඳුලින් පුරවන්නට වූ බව
තව උන් මරා දිනූ දෙයෙහි කිසිවක් ම නොමැති බව
යුද්ධයක් ම පමණක් බව..

-පියුමි අමරසිංහ-
Reactions

Post a Comment

1 Comments

Thank you...

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)