"මතු පරපුරේ නිදහස් අධ්‍යාපන වෙනුවෙන් අපි සටන් වැදුනෙමු නිදහස් අධ්‍යාපනය දිනේවා!!".
වධකාගාරයෙදි තම දැගිලි අහිමි වු කල තම වේදනාව පසෙකලා අරගලයට පන පෙවූ ඒ අභිත නායකයා ඔහුයි. වෙනුර එදිරිසිංහ තමඇඟිලි වෙන් වු දැතෙ රුධිරෙන් වධකාගාරයෙ බිත්තිය තුල උක්ත පාඨය සටහන් කරයි. ආණමඩුව ප්‍රදේශයේ උපන් වෙනුර කඩයිම් රැසක්ජය ගනිමින් විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට අවතීර්ණ වු දීප්තිමත් ශිෂ්‍යයෙකි. බාලෙ ගෙන් පසු අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයෙනායකත්වයට පත් වු අභීත ශිෂ්‍ය ක්‍රියාකරු ඔහුයි.රාජකීය විද්‍යාලයේ බොහො කුසලතා ඇසුරින් සම්මානයට බදුන් වු ඔහු දක්ශතා තුළින්පරිපූර්ණ ශිෂ්‍යයකු බවට ප්‍රචලිතය.
එවකට රාජකීය විද්‍යාලයේ විද්‍යා අංශයේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. ඔහු එදා ඒ අරගලය බිම නොවන්නට අදටත් ජීවමාන ප්‍රබලයෙකි . එහෙත්තම පෞද්ගලික පරමාර්ථ පසෙකලා මතු පරපුර උදෙසා අරගලයට දිවි දුන් වෙනුර අද අමරණිය වීරයෙකි.
අරගල බිම අමරණිය නිශ්මි
මොහොමඩ් සිරාජුදීන් නිශ්මි පේරාදෙණිය සරසවියේ අරගලයට උර දුන් ඉංජිනේරු ශිෂ්‍යයෙකි. බුද්ධි කලම්භනයට සමත් චතුරකථිකත්වයක් හිමි නිශ්මි සහේතුක කථනයේ ශූරයෙකි.නායකත්වයෙදි අනෙකා දෙස මානුෂීය දැක්මක් සහිත නිශ්මි අතිශය මානුෂීයපුද්ගලයකු බවට ප්රකටය. නායකත්වය ආරොපණය කර ගනිමින් තම උන් පෙලා ඉහල පැලැන්තින්ගෙ උන් වෙත හොද මුහුණ පෙන්වන අයඅතර නිශ්මි වැනි නායකයින් ඉස්තරම්ය .නිශ්මි තම දේශපාලන දැක්ම හො දර්ශනය අනෙකා වෙත බලහත්කාරයෙන් ලබා දුන් අයකුනොවීය . අන්මත හමුවේ විචාරශීලී ලෙස විනිවිද දුටු සැබෑ නායකයෙකි. නායකත්වය තුළ මනුෂ්‍යත්වය කැටයම් කල අමරණිය වීරයෙකි. අනාගතයේ විශිෂ්ට ඉන්ජිනේරුවකු වන සිහිනය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන්ම අරගල බිම වැළලු නිශ්මි අභිත නායකයෙකි.
පරාල ඇණ හිස දැරූ ත්‍රිමා
අම්බලන්ගොඩ කහව උපන් පද්මසිරි ත්‍රිමා විතාන කොළඹ විශ්වවිද්‍යාලයේ සුවිසල් ශිෂ්‍ය ක්‍රියාකරුවෙකි. 1981 දි රාගම ආරම්භ කලඋතුරු කොළඹ පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව සටන මෙහෙයවු අරගල නායකයෙකි.සමස්ත වෙෙද්‍ය ශිෂ්‍ය ප්‍රජාවගේම අනාගතඋන්නතිය උදෙසා තම වෛද්‍ය සිහිනය අරගල බිමට පූජා කල ඔහු සදා අමරණිය වීරයෙකි. අරගල බිම හිස එස වු ඔහු වධකාගාරයෙදිහිස මත පරාල ඇණ දරමින් අරගලයට දිවි පිදුහ. ඇස් , නිය උගුල්ලා අමානුෂික වද හිංසන හමුවේ ත්‍රිමා නිහඬ කිරීමට අතීතය සමත් විය.
උක්ත පුද්ගලයින් පුද්ගලිකව නොහදුනනා අතර සැඬ සුළඟ සහ මද පවන ග්‍රන්ථය විවිධ ලිපි ලේඛන ඇසුරින් ද එවකට ඔවුන් පිළිබඳහැදුනුම්කම් තිබූ අයගෙ මත ඇසුරිනි ද ලියන ලදී.
ජනිතා සේනාරත්න.

3 Comments
Very important thing 👍❤
ReplyDeleteVery important thing 👍❤
ReplyDeleteThank you 🙏🏻
ReplyDeleteThank you...
Emoji