මිතුර නුඹ.....

එක පන්තියේ අපි හිටියේ පොඩි කාලේ
මට බැරි ගණන් උඹ හැදුවේ ගජරාමේ
සාපෙළ සමත් වී ගණිතෙට  ගියපු දිනෙ
සී.ඇස්.අරන් මම තනි උනේ කලා පොතේ

උඹ පොත් බර ඇරගෙන හැල්මේ දිව්වා
මම කොලු ගැටව් සමගින් මහවැලියේ නැටුවා
කවිපද අකුරු කුඹුරේ තනියට කිව්වා
සරසවි වරම් ලැබ ගෙන ගෙදරින් බැස්සා

දස වසරකින් පසු විදුහල්පති නිල නිවසේ
උඹ දැක්කමත් සිහි උනේ අපේ පාසල් කාලේ
නව ඇදුරෙකුව උඹ මේ පාසල් වත්තේ
ගරු සරු ඇතිව අමතනු ඇයි මගෙ මිතුරේ

*ජනිතා සේනාරත්න.
Reactions

Post a Comment

0 Comments