"ඉවසීමෙන් සැනසීම ලැබේ"
"ඉවසන දනා රුපු යුද්ධයට ජය කොඩිය"
"ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන"
ඉවසීම......ලිපිය ලියද්දිම ඉවසීමෙන් එය කල යුතුයි.මිනිසා කියවීම සම්පූර්ණ කරද්දී ඉවසීම ශක්තිමත් මිනිසෙකු නිසැකවම බිහි කරයි.නමුත් වර්තමාන සමජය පිලිබඳ හෑලි දිග අරින සමහරු කියන්නෙ ගැහැනු පිරිමි එහෙම නැතහොත් ස්ත්‍රී පුරුෂ කියල බෙදීමක් නොතිබිය යුතුයි කියලා.එසේ කියන දාර්ශනිකයන්ගෙ නිවස තුලම ඉවසීම ඇද්දැයි අප බැලිය යුතුය. මන්ද සාර්ථක මිනිසගෙ පිටුපස ගැහැනියෙකු සිටිනව යැයි එක්තරා කියමනකි. එසේ පවසන සාර්ථක මිනිසාම ගැහැනියට ලබ දි ඇති ස්ථානය සාධාරණ යැයි කිසිම විටක නොහැගෙ.ගැහැනියට සම තැන නොව නිසි තැන ලබා දිය යුතුය. නිසි තැන යනු ගැහැනිය කුස්සියට හෝ ළමයින් වදන මැෂිමක් කිරීම නොවන බවද අප වටහා ගත යුතුය.වර්තමානයේ බොහෝමයක් පිරිමි සිතනුයේ ඉතාම පටු ආකල්පමය ආකාරයකටයි. ඔවුන් සිතනුයේ තමගේ බිරිද ළමයින් වදන දැලි කුණු පෙරා ගනිමින් සිටිය යුතු ඉවසීමේ යන්ත්‍රයක් ලෙසය.
මින් පළමුව සදහන් කළ යුත්තේ ගැහැනිය දරුවන් වදන මැෂිමක් නොවන බවය .දරුවෙකු පවුලට සිටිය යුතුය.නමුත් මෙය ඉවසීම නැමැති මාතෘකාවට ගෙන ඒමේදී සිතිය යුතු පැති කිහිපයක් තිබේ.දරුවෙකු එක අයෙකුගේ උවමනාවට නොහැදෙන අතර එයට දෙදෙනාගේම කැමැත්ත තිබිය යුතුය. ටෙලි නාට්‍ය හා සිනමාවෙ ඇති අයුරින් බලහත්කාරයෙන් දරුවන් බිහිවන අවස්ථා ලොව නැතුවාම නොවේ.එවැනි අවස්ථාවකදී පිරිමියගේ අවශ්‍යතාවය, කැමැත්ත පමනක් නොව ගැහැනියගේ අවශ්‍යතාවයද කැමැත්ත ද නොපමාව බැලිය යුතුය.ඉවසිය යුතු තැන ඉවසීම මෙන්ම තීරණ ගත යුතු තැන තීරණ ගැනීම ද ගැහැනිය විසින් කළ යුතුමය. අන් කරුණ නම් ගැහැනිය ජරාවාස වී සිටිය යුතුමද යන්නයි. ඉටු කළ යුතුකම් ඉටුකළ පමණින් ඇය හෝ වේවා ඔහු හෝ වේවා පරිපූර්ණ පිරිමියෙකුගෙන් ගැහැනියක නොවනු ඇත.ඒ සදහා තව සාදක රාශියක්ම අවශ්‍ය වනු ඇත.විටක ගැගැනියට අවශ්‍ය වුවද පිරිමියාගේ බලපෑම නිසා තමාගේ ආශාවන් යටපත් කොටගෙන ඉවසගෙන තියන දේ ඇදගෙන වෙන දේ බලාගෙන සිරින ගැහැනු බොහෝය.නමුත් විය යුත්තේ අයෙකුට ප්‍රියවන අයුරින් සිටීම හෝ හැසිරීම නොවේද.
ගැහැනිය යනි ඉවසීමේ මැෂිමක් නොවේ.එය සැවොම තේරුම් ගත යුතු කරුනකි.නමුත් වර්තමානයේ ගැහැනිය එම රාමුවට කොටු වී හමාරය.තමාගේ සැමියාට බියෙන් පසුවන ගැහැනිය තමාගේ හැගීම් සමග කරනුයේ හොරා පොලිස් සෙල්ලමකි.ladies first ලෙස සමාජයේ විහිලු මතයකි.නමුත් ගැහැනියට හිමිවනුයේ පසු ස්ථානයකි.එයට පාර කපනුයේද සමාජයම නොවේද.තහංචි දමන මිනිසා තහංචි තුල ගැහැනිය සිර කරයි.හිසේ සිට පාදාන්තය දක්වාම තහංචි තුල සිර කරන මිනිසා සැනසීම පමනක් ගැහැනියක ගෙන් බලාපොරොත්තු වේ.තමාගේ මවද,සොයුරියද,යෙහෙළියකද ගැහැනිය බව වටහා නොගන්නා සමාජයක් වර්තාමනයේ බිහි වී ඇත.පවුලක් තුල ඇතිවන ගැටලු නිරාකරනයට ගැහැනිය පමනක් නොව පිරිමියාද පෙලඹිය යුතු බව අප වටහා ගත යුතු කරුනක් නොවේද
සටහන: දර්ශි සෙනවිරත්න

13 Comments
Aththa kathawak
ReplyDeletethank you...😍
DeleteGood luck
ReplyDeletethank you😍
DeleteTrue story about women***
ReplyDeletethank you😍
DeleteTrue story about women***
ReplyDeletethank you😍
DeleteTrue story about women***
ReplyDeletethank you 😍
Deleteදිගටම ලියන්න..❤️
ReplyDeletethank you 😍
DeleteWow...��
ReplyDeleteThank you...
Emoji