බත් දොදොල්

අපි අද හදන්න යන්නේ...ටිකක් වෙනස් කෑමක්.මේක ඔයාලට අහපු ගමන් වෙනසක් දැනුනට වෙනසකටත් එක්ක හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය 
බත් කෝප්ප 2ක්
සීනි කෝප්පයක් 
දිය කිරි සහ මිටි කිරි
එනසාල් ඇට 2ක් 3ක්
බදපු රටකජු
කජු

බත් දොදොල්
දැන් අපි පටන් ගමු ...දොදොල් හදන්න.
මුලින්ම බත් කෝප්ප 2ක් ගන්න.මොන හාලේ බත් උනත් කමක් නෑ.ඒක බ්ලෙන්ඩර් කප් එකකට දාලා ඒක වැහෙන්න දිය කිරි දාන්න.ඊට පස්සේ ඒක බ්ලෙන්ඩර් කරන්න.උකු මිශ්‍රණයක් එනකල්ම.
දැන් මේක භාජනයකට දාලා ඒකට එනසාල් ටික තලලා දාන්න.ඊට පස්සේ මිටි කිරි කෝප්ප දෙකහමාරක් විතර ඒකට දාන්න.දාලා හොදට දිය කරන්න.
දැන් තාච්චියක් ලිපේ තියලා සීනි කෝප්පය උණු කර ගන්න.පැණි පාට එනකල්ම උණු කරන්න.දොදොල් එකේ පාට එන්නෙ ඒකෙන්.මේකට වතුර ටිකක් දාලා ආයෙම කලවම් කරන්න.මේ පැණි ටිකටම අපේ මිශ්‍රණය දාලා කලවම් කරන්න.ඔයාට අවශ්‍ය ගානට සීනි ,ලුණු එකතු කරන්න.ඊට පස්සේ දොදොල් පදම එනකල්ම හැදි ගාන්න.හොදටම හරි ගියාම  බැදපු රටකජු ටික දාලා කලවම් කරන්න.
දැන් ඔයා පොල්තෙල් ගාපු තැටියක මේ ටික තුනීකරන්න.ඊට පස්සේ කජු ටික උඩින් ඉහලා නිවුනම කෑලිකපා ගන්න…
                            Recipe
                           Sandamini jayasundara 
Reactions

Post a Comment

0 Comments