Boarding and hostel manners
අපි අද කතා කරමු අපෙ ජිවිතේ කවදාහරි අපට අත්‍යාවශ්‍ය වන දෙයක් ගැන . ඒ තමයි අපිබෝඩිමක හෝ හොස්ටල් එක්ක ඉන්නකොට අප තුල තිබිය යුතු යහපත් ගතිපැවතුම් . බෝඩිමක් හො හොස්ටල් එක්ක අපි ඉන්නෙ ඇත්තම විවිධාකාර පැති වලින් ආපු විවිධාකාර අයඑක්ක. ඉතින් අපි ඒ හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න එක අපෙ ජිවිතයට ඉතාමත් වැදගත්දෙයක් . ඉතින් අපි මේ කතා කරන දෙවල් අපි වඩාත් අවදානය යොමු කල යුතු වැදගත් කරුණු කිහිපයකි .
01 . කාරුණික වීම .
අපි බෝඩිමක හෝ හොස්ටල් එක්ක ඉන්නකොට අනෙකා පිලිබඳව සිමා සහිතව කරුණික විය යුතුයි . හැකි අයුරින් උපකාර කොට සහයෝගයෙන් සිටිය යුතුයි . තමන් සමග සිටින අයට අසනීපයක් වු විට , දුකක් කරදරයක් වු විට කාරුණික විය යුතුයි. එසේම තමන්කාරුණිකව සිදු කරන උපකාර නැවත බලාපොරොත්තු නොවිය යුතුයි .
02. හඩ සහ හැසිරීම් පාලනය .
අපි බෝඩිමක හෝ හොස්ටල් එක්ක ඉන්නකොට අපෙ හඩ අනෙකාට පීඩාවක් නොවන පරිදි පාලනය කල යුතුයි . නිතරම තමන් තමනිවසේ නොවෙ සිටින්නේ යන්නත් සිහි තබා හැසිරිම හා හඩ පාලනය කල යුතුයි .
03. විවේචනය .
අපිත් සමග ඉන්න අය ඇති තැන හෝ නැති තැන විවේචනය කිරිමෙන් වැලකී සිටිම වඩාත් හොඳයි . විවේචනය මතගැටුම් නිර්මාණයටමග පාදන කදිම අවස්ථාවකි .
04.අන් සතු දෑ
අන් සතු දෑ ප්‍රයෝජනයට ගැනීම අපි බෝඩිමක හෝ හොස්ටල් එකකදි නොකල යුතුම දෙයක් ඒ වගේම කාන්තා පිරිමි කාටත් පොදුදෙයක් ඇදුම් ඉල්ලීමෙන් වැලකී සිටිම . ඇතැම් අය තම අවශ්‍යතා වෙනුවෙන් අන් අයගෙන් ඇදුම් ඉල්ලා ආයාචනා කරයි. එවිට අනෙකාට අකමැත්තෙන් හෝ ඇදුම් ලාබදීමට සිදුවන අවස්ථා ඇත . රෙදි හුවමාරු කරගැනිම තුලින් ඔබ නොදැනුවත්වම චර්ම රෝගවැලදිය හැකි .
05. අනවශ්‍ය සංවාද
අනවශ්‍ය සංවාද තුලින් වැලකී සිටිම අතිශය වැදගත් දෙයකි. ඔපාදුප , කේලාම් ආදී වෙතින් වැලකී සිටිමෙන් එකිනෙකා අතරගරුත්වය සහ සමදානය රැකගැනීමට හැකිය.
මෙන්ම මේ කරුණු පහ අතරට ගොනු වි ඇති දෑ සිහි තබාගෙන අපි අපෙ හොස්ටල් හෝ බොඩිම් ජිවිතය ගෙවනවා නම් අපිට අපෙඑදිනෙදා වැඩ පිඩනයකින් තොරව ගෙවා දමන්න පුලුවනි.
Janitha senarathna
Janitha senarathna

0 Comments
Thank you...
Emoji