ගැහැනිය හා පිලිවෙල


පිරිසිදුකම සහ පිලිවෙල ආභරණයක් සේ පලදිමු.

කාන්තාවක් විදිහට ජීවිතේට නැතිවම බැරි අනිවාර්යයෙන් ම පුරුදු පුහුනු විය යුතු දෙයක් පිරිසිදුකම සහ පිලිවෙල කියන්නේ...අතලොස්සක් පිරිස වචනයේ පරිසමාප්තියෙන්ම පිරිසිදුකම(clean) සහ පිලිවෙල(Neat) දෝත දරන් හිටියත් බොහෝමයක් පිරිස අධික කාර්‍යබහුලකම නිසාත්,ජීවිතයට පුරුදු පුහුණු නොකල නිසාත් හරිම අපිලිවෙලයි,අපිරිසිදුයි.

තමන් තමන්වවත් පිරිසිදුව පිලිවෙලට බලා කියා නොගන්නකොට ගෙවල් දොරවල් ගැන කවර කතාද....
රෙදි කදු සාලේ ගොඩ ගහලා.කවුරු හරි ඈතින් එනවා පේනකොට පත්තර කොලේට ගිනි තියලා වගේ රෙදි ටික කරගහන් ගිහින් ඇදට දානවා.නිදියද්දී ආයේ සාලෙට දානවා.අනේ ඉතින් අදින රෙදිකෑලි ටිකත් යන එනමං නැතිව තල්ලු කරන තල්ලු කරන පැත්තට වීසි වෙවී ඉන්නවා.

උදේ බීපු තේ කෝප්ප සින්ක් එක උඩින් තියන්නේ හෝදන්න කම්මැලිකමටම නෙමෙයි.අහිංසක කූඹින්ට,කැරපොත්තන්ට,හූනන්ට ලෙවකන්නත් ඉතිරි කරන්න එපැයි ඉතින්.අනේ කාලේ වනේ වාසේ කියලා ආයේ තේකක් බොන්න මතක් වෙද්දී තමයි ඕං කූඹිත් එක්කම සින්ක් එකට හෝදලා අරින්නේ.ඒකත් සබන් ටිකක් දාලා හෝදන්න කම්මැලී.වතුර ටිකක් බොන්න බෑ කෝප්ප පිලී ගදයි.වතුර ටිකක් බොන්න තියා කුස්සියේ අඩියක් තියන්න බෑ අඩියෙන් අඩිය බත් ඇට,වැලි කැට, බීලූනු පොතු,කරපිංචා නටු,මිරිස් නැටි...🙊

සින්ක් එක එකම වතුර විලක්.ඒකේ කරිපුංචා ලා,රම්පායියලා,බත් ඇට හෝ ගාලා පිනුම් ගහනවා.සින්ක් විල පිරිලා කට ලගටම ඇවිල්ලා උතුරලා දෝරේ ගලන්න ඔන්න මෙන්න කෝට්ටක් අරන් ඇනලා ඇනලා වතුර බස්සවනවා.😖

හදිස්සියකට නාන කාමරේට යන්න බෑ ඒතරම් ලස්සනයි.ගේ ඇතුල එකම වැලි කතරක්.

බඩු මුට්ටු දාපු දාපු තැන්වල.හදිස්සියකට කතුරත් ඇල්පෙනෙත්තක්.ඇයි ඉතින් හොයා ගන්න දන්න දහන් ගැට සේරම දාන්න එපැයි.උදේට වැඩට යද්දි තමයි ගෙදර යතුර හොය හොයා ගේ පෙරලන්නේ.ඉතින් එකම යුද්දයක්.තියපු තැන කපුටට වගේ මතක නෑ.🤔ඉතින් එදාටත් රතු ඉර..

ඔන්න ඕකයි බහුතරයක් ගෙවල්වල සැබෑම තත්වය.ඒ වගේ ගෙදරකට ගියාම දිව ගිලෙද්දී අත දාලා අල්ලන් හිටියත් වතුර ඩිංගක් බොන්න හිතෙනවද?නෑනේ.ඒ නිසා කවදාවත් ඔයාලාගේ ගෙවල් ඒ තත්වෙට වැටෙන්න දෙන්න කෙනෙක් අප්‍රසන්නව බලන තත්වෙට පත් කරගන්න එපා.

ගෙදරට කෙනෙක් ආවම ඔවුන් නිවස තුලින් ඔබව මනිනවා.ඔබේ පිලිවෙල පිරිසිදුකම කොච්චරද කියලා ගෙදර විශේෂයෙන් කුස්සිය,නාන කාමරය දැක්කම කියන්න පුලුවන්.සමහරක් අය හිතන්නේ ගෙදර සාලේ තමයි ලස්සනටම තියෙන්න ඕන කියලා.ඉතින් හරි ලස්සනයි සාලේ.මල් වාස් තියලා,පහන් තියලා,හැඩ වැඩ කරලා තියන් ඉන්නවා.හදිස්සියේවත් මනුස්සයෙක් වතුර ටිකක් බොන්න කුස්සියට ගියොත් හරි අවශ්‍යතාවයක් වෙනුවෙන් නාන කාමරයට ගියොත් හරි සායම ඉවරයි.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ඉතින්.🙈🙊

නියමිත බඩු නියමිත තැනින්ම අහුරන්න.ගත්තොත් ගත්ත දේ ගත්ත තැනින්ම තියන්න මතක තියා ගන්න.එතකොට හරිම පහසුයි ආයෙත් ගනිද්දී ගේ පෙරලන්න වෙන්නේ නෑ.🙂

රෙදි වේලලා ගෙට ගත්ත ගමන් අල්මාරියට ඩෝං පටෝං කියලා දමලා ගහන්නේ නැතුව ලස්සනට නමලා අහුරන්න.

නිතරම මුලුතැන්ගෙය පිලිවෙලට තියාගන්න පුරුදු වෙන්න.කෑම වේලක් පිලියෙල කරාට පස්සේ කෑම පිලියෙල කරපු තැන,උදුන පිහදාන්න.සින්ක් එක හොදට සෝදලා පිහදන්න.ඒකට මම නම් වෙනම ස්පොන්ජ් එකක් තියාගෙන ඉන්නේ.මුලුතැන්ගෙය,නාන කාමරය නොවැදගත් කියා සලකන බොහෝ දෙනෙක් ඉන්නවා.එය මම සැබෑ ජීවිතයේත් විද තිබෙනවා.කියන්න දුකයි සාලය දිව්‍යලෝකයක් වගේ.මුලුතැන්ගේ කසල ගොඩක් වගේ.තමන්ගේ නිවසේ වැදගත්ම ස්ථානය මුලුතැන්ගෙට දෙන්න.ඔබේ ආදරණීයන් වෙනුවෙන් රසට කෑම වේලක් පිලියෙල වෙන තැනයි ඒ.ඒනිසා ඔබට හැකි උපරිමෙන් මුලුතැන්ගෙය අලංකාරව පිරිසිදුව තියා ගන්න කටයුතු කරන්න.💙

ගේ අතුගාලා පිරිසිදුව තියා ගන්න.වැලි පෑගෙද්දී කොස්ස අතට ගන්න විදිහේ උණක් හදාගන්න.කොටින්ම අපිලිවෙල දකිද්දී කහඹිලියා ගෑවුන ජාතියේ උණක් හදාගන්න🤒.ඒ උණ හරිම ශෝක්.එතකොට ඔයාගේ ගේ පන්සලක් වගේ හරිම අපූරු ලස්සන පිරිසිදු නිස්කලංක හිත නිවන තැනක් වේවි.

ඔයා ඉන්නේ නවීන පන්නයේ නිවසකද,නැත්නම් වරිච්චි බිත්ති ගහපු පොල් අතු සෙවිලි කල ගෙයකද කියන එක නෙමෙයි වැදගත්.ඔබේ පිරිසිදුකම,පිලිවෙල තියෙනවනම් ඔය කොයි තැනත් මාලිගාවක්.එහෙම නැත්නම්........එතන අපායක්.☝️

නිතරම තමන්ගේ ආදරණීයන්ගේ පැත්තෙන් හිතන්න.ඔවුන් රැදෙන්න ආස පිරිසිදු හිත නිවන තැනකද නැත්තන් අපිරිසිදු පිස්සිගේ පලා මල්ල වගේ තැනකද...?ඒ වගේම අපි පිලිවෙලට පිරිසිදුව ඉන්නතාක් එයාලත් ඒ විදිහටම අපිව අනුගමනය කරන්න පෙලබෙනවා.හදිස්සියේවත් අපේ රටාව බිදුනොත් එයාලත් ඒ රටාවෙන් මිදිලා ඔහේ ජීවත් වෙන්න අපිලිවෙලට ඉන්න ගත්ත ගත්ත තැන බඩු තියන්න පුරුදු වෙනවා.😐එතකොට මොකද වෙන්නේ...කකුලුවා ඇදේට යද්දී පැටවුන්ට කෙලින් යන්න කියන්න බෑනේ.එක වැඩේ දෙක වෙන එක තමයි වෙන්නේ.ඇයි ඉතින් ගන්න ඒවා අමුතුවෙන්ම අහුරන්න වෙලාවක් වෙන් කරන්නත් එපැයි.

දියනියක්,පෙම්වතියක්,බිරිදක්,ගෘහනියක්,මවක්,මිත්තණියයක් ලෙස ජීවිතයේ විවිධ පැතිකඩ රගදක්වමින් සිට ජීවින රගමඩලෙන් සමු ගන්න අපූර්ව නිමවුමක් ගැහැනිය...ඔබ ඔබේ වගකීම නිසි ලෙස ඉටු කරන්න.කාන්තාවක් වශයෙන් ජීවිතයට ලගා කරගත යුතු වටිනාම අංගය පිරිසිදුකම සහ පිලිවෙල.ඒක නැත්තන් ඔබ මොන දෙයින් පරිපූර්ණ වුවත් ගැහැණියක් වශයෙන් සම්පූර්ණයෙන්ම අසම්පූර්ණයි..

කාන්තාවකට ආභරණයක් පැලදුවම කොයි තරම් ලස්සනක් අපූර්වත්වයක් එක් වෙනවද?ඒ වගේ තමයි ඔබේ පිලිවෙල පිරිසිදුකම, ඔබට පැලදිය හැකි වටිනාම ආභරණය බව අමතක කරන්න එපා.ඔබ කොතරම් ලස්සන වුනත්,ලස්සනට මේකප් කලත්,ලස්සනට ඇන්දත් ඔබේ ගෙට ගොඩ වෙන ආගන්තුකයන් "චීයා" කියන තැනකනම් ඔබ ඉන්නේ ඔබ වටිනාම ආභරණය අමතක කර ඇති බව වටහාගන්න.
Reactions

Post a Comment

6 Comments

  1. An important advice **** Good Luck

    ReplyDelete
  2. An important advice **** Good Luck

    ReplyDelete
  3. කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා..දිගටම ලියන්න..❤️

    ReplyDelete

Thank you...

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)