ආදරය කියන්නේ මට නම් එක අතකට මාව අමතක කරවන්න පුළුවන් දෙයක් වෙනවට මම කැමතියි. දුකින් ඉන්න වෙලාවට ඒ දුක නිවන්න පුළුවන් ආදරයක් මුණ ගැහෙන එක තමයි මම දකින ජීවිතයට වෙන හොඳම දේ. සංකීර්ණ මේ ලෝකේ පැවැත්ම කියන්නේ ආදරය. ආදරය නැති තැන හැමදේම ටිකෙන් ටික බිඳ වැටෙන්න පටන් ගන්නවා...
ගව් ගනන් දුර ජීවිතයේ මහා බර දරා ගෙන දුවන හිත් වලට සැනසිල්ල ගෙනෙන්නේ ආදරය බව මම දැඩිව විශ්වාස කරන දෙයක්... ඒක හරියට ඉඩෝරයට අහු වෙලා කාස්ටක උන පොළවට මහා වැස්සක් වගේ.. කලකට පසුව වැටෙන පලවෙනිම වැස්සට පෙඟෙන පොලොවෙන් මතු වෙන සුවඳ වගේ ආදරයත් ජීවිතයට සුවඳ ගෙනෙනවා...
උදෑසනකදි ඉර රැස් මල් වලට කිති කවලා මල් පුබුදනවා වගේ ආදරෙත් ජීවිතේ ඇහැරවනවා. අතෑරලා තියෙන බලාපොරොත්තු ආයෙමත් හොයාගෙන ඇවිත් රත්තරන් නූලකින් ජීවිතේට ගැට ගහනවා. ජීවිතෙන් පලා ගිහින් තිබුන සුබ සිහින ආයෙමත් අපේ හීන අතරට රිංගන්න පටන් ගන්නවා. කරදරයක් වෙන තරමට අනාගත හීන හිත අස්සට එබිකම් කරන්නට පටන් ගන්නවා.
හිතට වද දුන්න අඳුරු මතක මායාවන් හුලං වල පටලලා වගේ ජීවිතෙන් ඈතට පලවා හරිනවා.
කවමදාවත් නැවත ඒ අඳුරට අපට ලං වෙන්න බැරි නොපෙනෙන පවුරක් අප වටා ගොඩ නැගෙනවා. ඒ ඇතුලේ අපි ආරක්ෂිතයි කියලා අපට දැනෙනවා කාලයත් එක්කම.
හදවතේ ඇති තුවාල සුව වෙන්නේ ආදරේ උණුසුම් සුසුමන් වලින්. කවමදාවත් සුව වෙයි කියලා හිතුනේවත් නැති හදවතේ තුවාල කැළැල් මැකෙන්නට පටන් ගන්නවා..
වැඩියෙන් ම හිත රිදුන තැන් වලට ආදරේ ඔසුවක් වෙන්නේ එහෙමයි.
ඉතින් මම ආදරයට ආදරය කරන්නට කැමති ඒ නිසයි .. ජීවිතේ අමාරුම තැන් වලදී මට මාව අමතක වෙනවාට මම කැමතියි. උණුසුම් හදවතක ආදරය හමුවේ මට මාව අමතක වුනාට කමක් නැති තරම්..සීතලම අඳුරක තනිව මා සොයමින් වෙහෙස වනවාට වඩා ඒ අමතක වීම මට මිහිරක් ගෙනේවි.. සතුට , නිවීම ඇති ආදරය ළඟ මට මාව අමතක වනවාට වැඩියෙන් සතුට ගෙනෙන යමක් මම දැක නැහැ...
ආදරයෙන් දිළිසෙන තාරකා ඇස් වල පතුලටම කිමිදෙන්නට හැකි ඇසිල්ලක් තරම් වටිනා යමක් මට නැති තරම්.
“හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා..
එවන්නද ආදරේ සුසුමක තියලා....”
මගේ ආදරය මට මුණ ගැසුන පලවෙනිම දවසේ ඇත්තටම මගේ හිත හිරි වැටුනා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි... අදටත් ඒක එහෙමයි... ඒ ආදරේ ළඟදී මට නොදැනීම හැමදේම වෙනස් උනා...
ජීවිතේ තියෙන්නෙ හැමෝටම විඳින්න.ඉතින් ආදරේ ඒ ජීවිතයට එකතු කරන්නේ ලස්සනම මායාවන්. ඒ අපිට රස විඳින්න පුළුවන් වෙන්න.
මට මාව අමතක වෙන එක ඒ මායාවේ සුන්දරම තැන.....
එහෙම බලද්දී ආදරය කියන්නේ එතරම්ම සුන්දර හැඟීමකට..

1 Comments
ඒක නියමයි...❤️
ReplyDeleteThank you...
Emoji